හුළග ,මීදුම උඩ තියෙන්නෙ පොඩි වෙනසක් 

ඇට්ටේරියා මල් පූදින වාරයක පොහොට්ටු මත ගුලිවුණ රාග දූතිකාවොත් මෘදු පෙති අතුපතර රොනගින් ලෙහිල
රස්තියාදුවේ ඉන්නවුනුත්
නාස්පුඩු අතර දැවටෙන්නෙ
උබ වගේ ගෑණුන්ගෙ ආත්මීය සුවදින් වැඩක් ගන්න වගේ  
ඝණ වලාකුළක් වගේ උබේ තොල් වලින් උඩු අතට උරන සිගරට්ටුව හීන් හුළගට එකතු කරන්නෙ හදවත වේලන සුවද උබ අස්සෙ හංගගෙන 
“මං කියන්නෙ අපි හැමදාම මේ විදිහට සිගරට් දුම අත අරිමු හුළගට එච්චරයි ”

“මතකද උබට එහ් දවස ”

“අර උබ නයගරාව වගේ කිසිම හැලහොල්මනක් නැතුව ගලාගෙන එනකොට විලිරුදාවෙන් ඉන්න ආදරේ නතර වෙලා ඉන්න එක ගැන පුදුම වෙයන් ”

“උබ ඇත්තටම මිනිහෙක් ද දැන් ?

“තමුසෙට ඕනේ මාත් එක්ක ජීවිතේ හැම රෙද්දක්ම විදින්නනම් මන් මිනිහෙක් වෙන්නෙ නෑ….”
“හරි එහෙනම් කාලකණ්නිකමට විසදුමක් නෑ”

හ්ම්ම්ම්ම්ම්ම………                                             “අත ඇරලා දාපන් උබේ ඔය අධ්‍යපන චාරිකාව මට වැඩක් ඔන් වෙල තියෙන්නෙ යමු ගිහින් ලියමු අලුත් කතාවක්”                                    “හරි අපි යමු උඩට නැග්ගහම දුර පෙන්න ඕනා මීදුමක් වගේ තැනකට. දවස් ටිකක් එක්ක ඉදල එමු ”


«sew »

කවීගේ හීන 

”වංගු නැති එක දිගට විහිදුණු පාරක්” අපි හැමදාම කැමති වුණේ ඒ වගේ පාරක ඔහේ ඇවිදින්න .කොච්චර දුර ගියත් පිටිපස්ස හැරිල බලද්දි අපි මේ ගමන පටන් ගත්තු තැන පේන .අපි දෙයක් පටන්ගෙන කියලවත් මතක් වෙන.අතුරුපාරවල් දහස්ගණනක් අතරෙ හිත එක තැනක තියාගෙන මේ පුරුදු පාරෙම යන්න . 

”ඒකාකාරි”

කාට හරි එහෙම හිතෙන්නත් පුලුවනි.ඔව් ඒ ඒකාකාරී මේ පාර , නැතුව අපි නෙමෙයි.අපි අතරමග වෙනස් වෙනස් තැන්වල නැවතුනා. 

සති ගනන් මාස ගණන්,මේ ගමන අමතක වෙන තරමටම . නමුත් ආයෙ මතක් උනා අපිට අපේ පිස්සු අරමුණ .

”අරමුණ” 

ටිකක් බර වචනයක්,ඇත්තටම මේ ගමනට අපි බර වචනයක්වත් එකතු කරගත්තෙ නැ.

ඔව් ,, 

එයා මගේ වැලමිට ලගින් තදින් අල්ලගෙන,හිරිවැටුන වෙලාවට ලිහිල් උනත් මං ලගින්ම.මගේ කොටසක් වගේ .විවිධාකාර රැයවල් ගොඩක් ගෙවුණා.

තරු එක්ක සමහර දාට හඳ එක්ක, වේගෙන් දුවන වලාකුළු එක්ක,

මුහුඳ එක්ක, වැස්ස එක්ක.

මේ හැම දෙයක්ම ඇයත් එක්ක මුහුවෙලා තිබුණා .මේ පාරෙ එයා මාව අතෑරලා දුවන්න හදන හැම මොහොතකම දුවන්න දීල හිතින් එයාව අල්ල ගත්තා.එයා දිව්වා ,පියෑඹූවා,,අහසේ පේන හැමතැනකටම. 

මට ඕන උනා එයාට ඕන නිදහස දෙන්න .ඒත් ඒ ගමන අතරමග නවතීවි කියල මන් කොයිම වෙලාවකවත් හිතුවෙ නෑ. ගමනක අවසානයේ සමුගැනීම් වලට මම කොහෙත්ම කැමති උනේ නෑ .මම කැමති උනේ හැමදාම ඇවිදින්න .ඒත් මට නවතින්න උනා ,ඇයත් මහන්සිය දැනෙනකම් ඇවිදීවි, ඒත් මට ඇයව පෙනේවි.මේ පාර අනන්තය දක්වා දිගටම යන පාරක් නිසා. එතකොට මට පුලුවන් එයාට ලං වෙලා 

”අපි අද කොහේ හරි ඇවිදින්න යමුද” කියල අහන්න

කවීන් කරුණාරත්න ​

Teaching is the art from the heart 

ඉගැන්වීම කියන්නේ ලෝකේ සුන්දරත්වය මවන මන්තරයකට. ලෝකයේ ඉතිහාසයම නිර්මාණය කරලා තියෙන්නෙ හොද ගුරුවරු හා එහි ප්‍රතිවිරුද්ධ පැතිකඩ නරක හොද කරගත් ගුරුවරුන්ගෙන්. කාටද පුළුවන් මේ ලෝකේ තියෙන යන්න පුළුවන් හැම මාර්ගයක් ගැනම කියලා දෙන්න. හුස්මගත්තට හුස්ම ගන්නව කියන්නෙ මේ විශ්වයම සම්බන්ද වෙලා තියන රටාවක් ඉස්සරහට ගෙන යන්න ඕන එකක් කියල. ඒක හදවතේ ගැබුරුම තැනින් කරන පැහැදිලි කිරීමක් ඒකයි මන් කියන්නෙ උගන්නනවා කියන්නෙ හදවතින්ම උපදින කලාවක්. අපිට පුලුවන් අපේ වටෙ එකතු වෙලා ඉන්න අයට ලෝකෙ කියන්නෙ අපි හැමෝම එකට එකතු වෙල ගොඩනගන්න ඕන එකක් කියල පෙන්නල දෙන්න. හොද ගුරුවරයෙක් බිහිවෙන්නෙ හදවතින්ම උපදින කලාවක් ලෝකයට අසීමාන්තික ප්‍රේමයකින් දායාද කරන්න පුලුවන්නම් විතරයි.
මගේ ජිවිතේ වාසනාවකට මට හොද ගුරුවරුන්ගෙ සුවද යට හැදෙන්න පුලුවන් උනා.                                                                 මගේ තාත්තා, මට කියල දුන්න සොබදම කියන්නෙ අපි කොච්චර සහජීවනයෙන් ඉන්න ඕන දෙයක්ද කියල. ඒ වගේම ඒකත් එක්ක අරගල කරන්න ගියොත් වෙන දේත් මට පෙන්නල දුන්නා.

 මට හම්බෙන දෙවැනි ගුරුවරයා මගෙ ආධ්‍යආත්මික ගුරුවරයා ගුරු හමුදුරුවෝ. විශ්වීය සුවයක් හොද දෙයක් උගන්නලත් මිනිස්සුන්ට ගන්න පුලුවන් බව එය පෙන්නල දුන්නා. 

තෙවැනි ගුරුවරයා වෙන්නෙ සමාජේ නොයෙකුත් අරගල කරලා මහන්සිය නිවා ගන්න හැන්දාවක ගෙදර පිළිකන්නට වෙලා තරු දිහා බලන් මේ ලෝකෙ මිනිස්සු ගැන උගන්නපු ගුණසේන සිල්වා සර් . මට ජිවිතේ දැනෙන්න ගන්න කාලෙකදි අපි ඉගෙන ගත්ත හොද දෙයක් අනෙකාට කියලා දීමක් තරම් මිනිසුන්නව නිවැරදි මාවතකට යොමු කරන්න පුලුවන් බව මන් තෙරුම් ගන්නෙ මන් විශ්ව විද්‍යඅලේ ප්‍රථම වසරට එනකොට මගේ වටෙ ඉන්න ලමයි ගොඩකට අධ්‍යආපනේ වටිනාකම කියල දෙන්න හැකි වීමත් ඔවුන් සමාජය වඩා යහපත් මාවතකට යොමු කිරීමට උත්සහදරමින් ඉන්න නිසවෙනි….